Monday, September 13, 2010

Thilina ශබ්දකෝශය සම්පූර්ණයෙන් ලබාගනිමු



ඔන්න අද දවසට ලියන 2 නි blog සටහන. ජංගම දුරකථන වලට ඕනතරම් enghlish ශබ්දකෝෂ තිබුනට සිංහල ශබ්දකෝෂ තියෙන්නේ බොහොම ටිකයි. ඒකෙනුත් තිලිණ ශබිදකෝෂය ගොඩක් හොදයි කියලා මට හිතුනා. ඒත් ඒක සම්පූර්ණෙයෙන් භාවිතා කරන්න බලපතක් ලබා ගන්න ඕන. මම අද කියන්න යන්නේ ඒක ලබා ගන්නේ කොහොමද කියලා.(හැබැයි මේක කිව්වා කියලා මට ඈති ලාභයක් නෑ. )

තිලිණ ශබ්දකෝෂය ඔබට මෙතැනින් ලබා ගන්න පුලුවන්. ඔයාලා මේ අඩවියට ගිහිල්ලා දුරකථන වර්ගය දීලා ගැලපෙන මෘදුකාංගය ලබා ගන්න. ඒත් ඒකේ වැඩ කරනනේ A සහ C අකුරැ වලින් පටන් ගන්න වචන විතරයි. හරි බලමු බලපතක් ලබා ගන්න හැටි.

වැඩ සටහන ක්රියා කරවා ලැබෙන උප මෙනුවේ About යන්න තෝරා ගන්න. තිරයේ පහලින් දිස්වන අංකය බලපත් අංකය වේ. එය දුරකථනයට විශේෂිත වේ. බලපත් අංකය මිලදී ගැනීම කල යුත්තේ පහත පරිදිනි.

නිට්ටඹුව මහජන බැංකුවේ අංක 278-2-001-3-0026616 ටී. ටී බණ්ඩාරනායක ගිණුමට බැරවනසේ ඕනෑම මහජන බැංකු රැ100 ක් ගෙ​වා ලබාගත් රිසිට් පත හා ඉහත බලපත් අංකය එවිය යුතු දුරකථන අංකය සමග ටී. ටී. බණ්ඩාරනායක, ශාන්ති මාවත, සපුගස්කන්ද, කලගෙඩි​හේන. යන ලිපිනයට තැපැල් කරන්න.

මම තැපැල් කරලා සතියක් වගේ ඈතුලත බලපත් අංකය මට ලැබුනා. ඒ හිනදා ඔයගොල්ලනටත් ඉක්මනට ලැබේවි.

ලැබුන බලපත් අංකය ආරකෂිත ස්ථානයක සටහන් කරලා තියාගන්න මතු ප්රයෝජනයට බලපත් අංකය ලැබෙනුයේ කෙට්පණිවිඩයක් මාරගයෙනි.

සැ.යු- මෙය සදහන් කිරීමෙන් මා හට කිසිදු වාසියක් නැත. ඔබට ප්​රයෝජනවත් වේයැයි සිතා ලීවා පමණි. ඹබ කැමති නම් පමණක් ලබාගන්න. ඉදිරියේදී නොමිලයේම ලබා දෙන සිංහල english ශබ්දකෝෂයක් පිලිබද සටහනක් ලියන්නම් එහෙනම් අදට මෙච්චරයි.

ප. ලි- මෙවැනි වටිනා නිර්මාණයක් කිරීම සම්බන්දයෙන් මාගේ පුද්ගලික ස්තුතිය නිර්මාණකරැට හිමි වේ.

1 comment:

  1. මේ ශබ්දකෝෂය ලබාගන්න අවශ්‍ය සියලු විස්තර මෙම අඩවියෙන් ලබාගන්න.http://tdic.110mb.com/

    ReplyDelete

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව