Monday, September 13, 2010

ඔබටත් Online Hard disk එකක්

මම ඉස්සෙල්ලම ලියන post එක. අද කියන්න යන එක ​හුගක් කට්ටිය දන්නැති දෙයක්. ඒකයි හැමෝම දැනුවත් වෙන්න ලියන්න හිතුවේ. මේක microsoft ​සමාගමෙන් නොමලේ දෙන සේවාවක්. (හැබැයි මමනම් microsoft ලගේ හැමදේම පාවිච්චි කරන්නේ නිකං. :P ඔයගොල්ලත් සමහරවිට එහෙම වෙන්නැති.) ඕනම කෙනෙක්ට 5GB ක ඉඩ ප්රමාණයක් නොම්ලේ ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකට microsoft දෙන email account එකක් තියෙන්න ඕන. ඉතින් එකක් හදාගන්න එක මහලොකු දෙයක්ද www.hotmail.com site එකට ගිහිල්ලා register වෙන එක විතරනේ තියෙන්නේ.
මේක හරියට hard disk එකක් ව​ගේමයි. වෙනසකට තියෙන්නේ අන්තර්ජාල සබදතාවක් තියෙන්න ඕන මේ hard disk එක පාවිච්චි කරන්න.
මම මේක ගොඩක් කලක් තිස්සේ පාවිච්චි කරනව​. හැබැයි Beta අවස්ථාවේ තියෙන්නේ ඒත් කිසිම අවුලක නෑ ඔයගොල්ලත් නිකම් ඉන්න වෙලාවක එකක් හදාගෙන බලන්න. හොදද කියලා. නිකම් දෙන දේනේ. හැබැයි මේකට Data පාවිච්චි කරන අය කැමති වෙන එකක් නෑ.
කියන්න ඕන​මදේ කියන්න අමතක උනානේ. මේකට යන ලිපිනය තමා www.mesh.com





1 comment:

අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව